Thursday 5 December 2013

කුකුළු මස් කළු කුඩු මාළුව.... මන්නුක ශ්‍රී

අවශ්‍ය  දැ.
   
  
කුකුළු මස්                                    500g
බැදපු මිරිස්‌  තේ හැදී                        01 
බැදපු තුනපහ  තේ හැදී                     01 
 ගම්මිරිස්         තේ හැදී                     1/2
කබලේ බැදගත් කජු                           20g
 කබලේ  බැදගත් පොල්                      20g
   රම්පෙ  , කරපිංචා , සුදුලුණු , ඉගුරු  , පදමට ලුණු
  සිහින්ව ලියාගත්  රතුළුණු    ගොඩි  06 ක් 07 පමණ
   සියබල යුෂ               තේ හැදී            01


        සාදන පිළිවෙල .

   මුලින්ම තරමක  කැබිලි  වලට මස් කපා සෝදා ගන්න , ඉන් අනතුරුව පොල්, කජු,මිරිස්‌, තුනපහ  ගලේ
   අබරා ගන්න  අනතුරුව ,අබරා ගන්නා ලද  මිශ්‍රණයද  කපා  ගන්නා ලද  මස් කැබලිද එයට  දමා සියබලා සහ  ලුණු  සමග හොදින් පිස ගන්න .ඉන් අනතුරුව , මැටි වළදක් ලිප තබා  රත් වූ පසු එළවලු තෙල් මේස හැදී  02 පමණ දමා රත් වූ පසු ,රම්පෙ , කරපිංචා, සුදුලුනු ,ඉගුරු,රතුළුණු ,තෙම්පරාදු  කර ගන්න අනතුරුව පදන් කර ගන්න ලද මස් සහ අනිකුත් දැ දමා විනාඩි 08 පමණ තෙම්පරාදු කර ගන්න , ඔබට අවශ්‍යනම්  පොල් කිරි එකතුකර  මද ගින්නේ  ඉස්ම හිදෙන තුරු පිස ගන්න .

4 comments:

  1. ඔබගේ අදහස් අපිට කියන්න ?

    ReplyDelete
  2. නියමයි දිගටම ලියමු. සින්ඩියකට දාලා නැ මගේ හිතේ. මාතලන්ට පොඩි mail එකක් දැම්මොත් පබ්ලිසිටියක් දෙයි.

    ReplyDelete
  3. මේකේ word verification අයින් කරමුද. කොමෙන්ට් කරන අයට කරදරයිනේ.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි!!!

    ReplyDelete