Monday 30 December 2013

එළවළු බත් නිවසේදීම රස බලමු .

අවශ්‍ය  දැ.


සම්බා                                  01kg
 එළවලු   තෙල්    ස්වල්පයක්  
 සිහින්ව ලියාගත්   කැරට්    100g
 සිහින්ව  ලියාගත් ලිස් කොළ  100g
සිහින්ව ලියාගත් සුදුළුනු බික්     02
සිහින්ව  ලියාගත්  ඉගුරු  කැබැල්ලක්
 සුප් කැට                                    01
  රස පරිදි       ලුණු
 සොයාසෝස්    මේස   හැදී          02
  තල තෙල්  තේ හැදී                     2/1
   එන්සාහල්  කරල්   03
* ඔබට රසය වැඩි කර ගැනීමට  මෙයට  ගම්මිරිස්  කුඩු සහ කැලි මිරිස්  ස්වල්පයක්   එකතු කර ගත හැක ඔබට අවශ්‍යනම්  මෙයට බෝංචි , ගෝවා, එකතු කර ගත හැක  නමුත්  මතක තියාගන්න  ඔබ  බෝංචි ,ගෝවා එකතු කර ගැනීමේදී  රසය, බතේ පැහැය  වෙනස් වීමට පුළුවන් එක නිසා බෝංචි , ගෝවා එකතු කරනවිට   ලිපෙන් ඉවත් කර ගැනීමට විනාඩියකට පෙර  හොදින් මිශ්‍ර කර ලිපෙන් බාගන්න .එසේ පිළියෙළ කර ගන්නා ලද බතක් කැමට ප්‍රිය වෙයි .

සාදන ආකාරය _

පළමුව සහල් හොදින් 3 වරක් සෝදා පසෙක තබන්න   ඉන් අනතුරුව  භාජනයක්  ලිප තබා  එයට අවශ්‍ය  
 පමණ වතුර   එකතු කර මද වෙලාවකින්  එළවළු තෙල් ස්වල්පයක් එයට එකතු කර  වතුර උතුරන විට සෝදා පිළියෙළ  කරගත් සහල්  එකතු කර එන්සහාල් කරල් , සහ ලුණු  දමා  නිවසේ  ඔබ පිසගන්නා ආකාරයට බත  පිස ගන්න  පිස ගත්  බත් වෙනත් භාජනයකට වෙන් කර ගන්න .        
අනතුරුව  නැවත භාජනයක් ලිප තබා  රත් වූ පසු එයට එළවලු තෙල් එකතු කර  තෙල් රත්වූ පසු සකසා ගත් සුදුළුණු, ඉගුරු ,එකතු කර   ලිපේ ගින්දර මදක් අඩු කර  ඉන් පසු එයට  කැරට් එකතු කර සුළු වෙලාවක් පිස නැවතත්  එයට සොයා සෝස්  සහ සුප්කැට, ලුණු  එකතු කරගන්න .දැන් ඔබ ලිපේ ගින්දර නිවා විනාඩියකට පසු  සිහින්ව ලියාගත් ලිස් කොළ වලින් භාගයක්  එයට එකතු කර කලවන් කර ගන්න   ,ඉන් පසු ඔබ පිස ගත්, බත් තෙම්පරාදු  කරගත් එළවළු සමග හොදින් මිශ්‍ර කරගන්නා  අතරේ ඉතිරි ලිස්කොල ටික කෙමෙන් කෙමෙන්  එයට එකතු කර ගනිමින් හොදින් මිශ්‍ර කර ගන්න .අනතුරුව ඔබට අවශ්‍යනම් පමණක්  චිලීපේස්ට් සමගින්  ආහාරයට  ගන්න . 


මන්නුක ශ්‍රී .

1 comment:

  1. ඔබගේ අදහස් අපිට ලියන්න ....

    ReplyDelete