Thursday 20 March 2014

පැටිස් හදමු මන්නුක ශ්‍රී

  රෙසිපී  සිංහළෙන් !
 පැටිස්   සැදීමට  අවශ්‍ය  ද්‍රව්‍ය

1) පාන්පිටි කප්  02ක්
2) බේකින් පොවූඩර් මේස හැදී  1/2
3)ලුණු     මේස හැදී  1/2
4)අයිස් වතුර මේස හැදී   08 ක්
5)බිත්තර                          01ක්
6) ඇස්ට්‍රා  හො බටර් මේස හැදී 02ක්
7) බි ලුණු ගෙඩි    01ක්( පොඩියට  කපාගන්නා  ලද )
8) සුදුළුණු, ඉගුරු , රම්පේ, කරපිංචා ස්වල්පය බැගින්
9)කැරට් 50g  , ලීක්ස් 50g,  ගෝවා 50g   ( සින්ව ලියාගන්නා ලද)
10) ගම්මිරිස්, සහ කැළි මිරිස්  ප්‍රමාණවත්  පරිදි 
11) ඔබට අවශ්‍යනම්   සුප්කැට 1/2 යොදාගත හැක )
12) බැදීම සදහා  එළවලු තෙල්   


    සාදන පිළිවෙල_
පළමුවෙන්ම  බෝල් එකක්  ගෙන එයට පාන්පිටි එකතු කර  එයට  ඇස්ට්‍රා, හො බටර් එකතු කර හොදින් කලවනම් කර ගන්න  අනතුරුව , එයට බිත්තර එකතු කරමින් කලවන් කරන්න  දැන් ඔබ එයට බේකින්
පොවුඩර් එකතු කරගන්න ,ඉන් අනතුරුව  ලුණු ද  අයිස් වතුර එකතු කරමින් හොදින් පිටි මෝලිය  සකසා  ගන්න මෙය විනාඩි 10 පමණ කාලයක් අතින් මෝලිය අනා ගත යුතු වෙයි , ඉන් අනතුරුව සකසා ගත් මෝලිය  වෙනත් බෝල් එකට දමා  එය  හොදින් වසා විනාඩි 20 පමණ   පසෙක තබන්න .

දැන් ඔබ භාජනයක් ලිප තබා  එයට තෙල් ස්වල්පයක් එකතු කර රත්වූ පසු එයට සිහින්ව ලියාගත් සුදුලුනු , ඉගුරු , කරපිංචා , රම්පේ , එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න අනතුරුව එයට බි ලුණු , සහ සකසා ගත් සියලුම එළවලු එකතු කරගන්න , දැන් එයට රසය පරිදි ලුණු , ගම්මිරිස් , කැලි මිරිස්  එකතු කර මද ගින්නේ  පිස ගන්න  ඔබට අවශ්‍යනම් පමණක් සුප් කැට 1/2 එකතු කරගන්න , එනතුරුව ලීපෙන් ඉවත් කර ගන්න .

අනතුරුව ඔබ සකසා ගත් පිටි මෝලිය ගෙන පොඩි කොටස් වලට කඩා ගෙන ඉන් අනතුරුව  තමන්ට අවශ්‍ය ප්‍රමාණයට  රවුම් හැඩයට අතින් සකසා  ගන්න ඉන් පසු එයට සාදාගත් එළවලු  තබා පැටිස් හැඩයට සකසාගන්න ඔබට මේ සදහා  ගැරුප්පුව , හො පැටිස් කටර්ය යොදා ගත හැක ඉන් පසු භාජනයක් ලිප තබා තෙල්  රත්වූ පසු රන් පැහැය වනතුරු  බැදගන්න .







 

Thursday 13 March 2014

නූඩ්ල්ස් විත් ප්‍රෝන්ස් රෙසිපී සිංහළෙන් මන්නුක ශ්‍රී

  නූඩ්ල්ස් විත් ප්‍රෝන්ස්

සැදීමට  අවශ්‍ය දැ-
නූඩ්ල්ස්    500g
ඉස්සන්      200g (පොතු ඉවත් කරන ලද )
කැරට්        100g(සිහින්ව ලියාගත්  )
ගෝවා        100g(සිහින්ව ලියාගත්)
සිහින්ව ලියාගත්  බිළුණු ගොඩි 02ක්
සිහින්ව ලියාගත්  සුදුලුනු  ගොඩි  02ක්
ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වලපයක්
 සොයා සෝස්  සහ සේසමි ඔයිල්(තල තෙල්)
එළවලු තෙල් ස්වලපයක්.ඉගුරු
බටර් මේස හැදී  02ක්

පළමුවභාජනයක් ලිප තබා  වතුර එකතු කර වතුර උතුරනවිට  එයට බටර් හො තෙල් ස්වල්පයක් දමා  හොදින්
 බොයිල් වීමට හරින්න , ඉන් අනතුරුව  එයට පිළියෙළ කරගත් නූඩ්ල්ස් එකතු කර විනාඩි 05 පමණ  තම්බා ගන්න අනතුරුව  එය වෙනත් භජනයකට පෙරා ගන්න , ඉන් පසු එය නැවත සිතල වතුරෙන් පෙරා ගන්න
ඉන් පසු භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක්
එකතු කර  තෙල් රත්වූ පසු  සිහින්ව කපාගත් ඉස්සන් එකතු කරගන්න , මද වෙලාවක් රන් පැහැය එනතුරු  බැදගන්න.දැන් එයට බිලූ , සුදුලුනු , ඉගුරු . එකතු කරමින්
මද වෙලාවක් පිස ගන්න  අනතුරුව එයට කැරට්, සහ සොයා සෝස්  සුප් කැට 01ක්දමා විනාඩි කීපයක් පිසගෙන නූඩ්ල්ස් එකතු කර  හොදින් කලවම් කරගන්න .ඉන් අනතුරුව ගෝවා එකතු කරමින්  තලතෙල්
ස්වල්පයක් එකතු කරමින් රසය පරිදි ලුණුද  ගම්මිරිස්කුඩුද , ඔබට අවශ්‍යනම් චිලිපේස්ට් ස්වල්පයක් එකතු කරමින්  ලිපෙන් ඉවතට ගන්න .



අප සමගින් එකතු වෙන්න ඔබගේ අදහස්‌  අපිට ලියන්න .....රෙසිපි සිංහළෙන් මන්නුක ශ්‍රී
 

Sunday 5 January 2014