Sunday 15 December 2013

පොළොස් කට්ලට් සාදන ආකාරය .....මන්නුක ශ්‍රී

අවශ්‍ය  දැ:

පොළොස්                   500g
අරතාපල්                     200g
රතු ළුණු   ගෙඩි              10  (සිහින්ව  කපා ගන්න ලද )
කැලි මිරිස්‌          මේස හැදී   02
මිරිස් කුඩු           මේස හැදී    1/2
ගම්මිරිස් කුඩු      තේ    හැදී    1
අමුමිරිස්‌     කරල්                     04
උම්බලකඩ   කුඩු මේස හැදී       02
එනසල්     කරල්                        02
සුදුළුණු  බික්                              02(සිහින්ව කපා ගන්න ලද )
කරපිංචා   ස්වලපයක්  සහ ලුණු
 කහ කුඩු  
 පාන්පිටි                                    250g
 බිස්කට්  කුඩු                             200g
බැදගැනීමට  අවශ්‍ය  තෙල්  


සාදන ආකාරය
  
  ප්‍රථමයෙන්  කටු ඉවත් කර පොළොස්  කැබලි වලට කපා මැටි වළදක්  ගෙන එයට ගොරකා  ඉති 02/03 දමා
  ප්‍රමාණවත්  පරිදි වතුරද  ලුණුද දමා  හොදින් තම්බගන්න  ,අනතුරුව   අර්තාපල් ද  හොදින් තම්බගන්න
    අනතුරුව තම්බා ගත් පොළොස්  සහ අර්තාපල් වෙන වෙනම  පොඩි කර ගන්න , ඉන්පසු  භාජනයක්  ලිප තබා  එයට තෙල්  ස්වලපයක්  දමා රත්වූ  පසු  එයට සකසා ගත්  සුදුලුනු, රතුළුණු ,කරපිංචා, දමා තෙම්පරාඩු
  කර ගන්න  අනතුරුව  එයට  උම්බලකඩ කුඩු ද එකතු කර විනාඩියකට පසු  සකසා ගත් පොළොස්  සහ
 අර්තාපල් එකතු කර  හොදින්  කලවන් කර ටික වෙලාවකට පසු එයට මිරිස් කුඩු,කැලි, සහ ගම්මිරිස් කුඩු දමා රස පරිදි ලුණුද එකතු කර  ලිපෙන් බාගන්න , අනතුරුව ප්ලාස්ටික්  භාජනයක් ගෙන එය වතුර එකතු කර පාන්පිටි  එය එකතු කර  කහ කුඩු ස්වලපයක් දමා හොදින් මිශ්‍ර කර බැටරයක් සදා ගන්න  ඉනන්තුරුව  ඔබ සකසා ගත් පොළොස් මිශ්‍රනය  අතින් පොඩි රවුම් ගුලි සේ සකසා ගන්න දැන් ඔබ එය  බැටර්එකේ  දමා  බිස්කට්කුඩු  තවරා ගන්න , අනතුරුව  භාජනයක් ලිප තබා රත්වූ පසු තෙල් දමා  තෙල් රත්වූ පසු සදා ගත් පොළොස් කට්ලට්   එයට දමා හොදින් රන්පැහැය වනතුරු  බැදගන්න ..


සිංහළෙන්  රෙසිපි  මන්නුක ශ්‍රී


2 comments:

  1. අඩේ මමවත් කාල නැහැ පොලොස් කට්ලට් ලංකාවට ගිය කාලෙක ට්‍රයි කොරල බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔව් ට්‍රයි කරලා බලන්න .

      Delete