Thursday 13 March 2014

නූඩ්ල්ස් විත් ප්‍රෝන්ස් රෙසිපී සිංහළෙන් මන්නුක ශ්‍රී

  නූඩ්ල්ස් විත් ප්‍රෝන්ස්

සැදීමට  අවශ්‍ය දැ-
නූඩ්ල්ස්    500g
ඉස්සන්      200g (පොතු ඉවත් කරන ලද )
කැරට්        100g(සිහින්ව ලියාගත්  )
ගෝවා        100g(සිහින්ව ලියාගත්)
සිහින්ව ලියාගත්  බිළුණු ගොඩි 02ක්
සිහින්ව ලියාගත්  සුදුලුනු  ගොඩි  02ක්
ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වලපයක්
 සොයා සෝස්  සහ සේසමි ඔයිල්(තල තෙල්)
එළවලු තෙල් ස්වලපයක්.ඉගුරු
බටර් මේස හැදී  02ක්

පළමුවභාජනයක් ලිප තබා  වතුර එකතු කර වතුර උතුරනවිට  එයට බටර් හො තෙල් ස්වල්පයක් දමා  හොදින්
 බොයිල් වීමට හරින්න , ඉන් අනතුරුව  එයට පිළියෙළ කරගත් නූඩ්ල්ස් එකතු කර විනාඩි 05 පමණ  තම්බා ගන්න අනතුරුව  එය වෙනත් භජනයකට පෙරා ගන්න , ඉන් පසු එය නැවත සිතල වතුරෙන් පෙරා ගන්න
ඉන් පසු භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක්
එකතු කර  තෙල් රත්වූ පසු  සිහින්ව කපාගත් ඉස්සන් එකතු කරගන්න , මද වෙලාවක් රන් පැහැය එනතුරු  බැදගන්න.දැන් එයට බිලූ , සුදුලුනු , ඉගුරු . එකතු කරමින්
මද වෙලාවක් පිස ගන්න  අනතුරුව එයට කැරට්, සහ සොයා සෝස්  සුප් කැට 01ක්දමා විනාඩි කීපයක් පිසගෙන නූඩ්ල්ස් එකතු කර  හොදින් කලවම් කරගන්න .ඉන් අනතුරුව ගෝවා එකතු කරමින්  තලතෙල්
ස්වල්පයක් එකතු කරමින් රසය පරිදි ලුණුද  ගම්මිරිස්කුඩුද , ඔබට අවශ්‍යනම් චිලිපේස්ට් ස්වල්පයක් එකතු කරමින්  ලිපෙන් ඉවතට ගන්න .



අප සමගින් එකතු වෙන්න ඔබගේ අදහස්‌  අපිට ලියන්න .....රෙසිපි සිංහළෙන් මන්නුක ශ්‍රී
 

3 comments:

  1. ඔබගේ අදහස්‌ අපිට ලියන්න

    ReplyDelete
  2. වෙලාවක හදන්න ඕනේ ට්‍රයි කොරන්නත් එක්කලා

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා හදල බලනකො එහෙනම්

      Delete