අවශ්‍ය දැ :
තලපත් මාළු 500g
ලොකු ළුණු 50g
තක්කලි ගෙඩි 02
මාළු මිරිස් කරල් 06
අමුමිරිස් කරල් 04
කැලී මිරිස් තේ හැදී 04 පමණ
ගම්මිරිස් කුඩු තේ හැදී 1/2
දෙහි ගෙඩි 01
සුදුළුණු (සිහින්ව කපා ගන්න ලද ) තේ හැදී 01
ඉගුරු (සිහින්ව කපා ගන්න ලද ) තේ හැදී 1/2
කරපිංචා ස්වල්පයක්
පදමට ලුණු
සොයා සෝස් තේ හැදී 04
තක්කාලි සෝස් මේස හැදී 03
සුප් කැට 01
සිනි තේ හැදී 1/2
එළවළු තෙල් 1/2
වතුර ස්වල්පයක්
සාදන ක්‍රමය_
පළමුව සෝදා පිරිසිදු කරගත් මාළු කැබලි වලට කපා ගන්න ඉන් අතුරුව
එයට දෙහියුෂ, ලුණු , සහ ගම්මිරිස් කුඩු එකතු කර අත ගා (සීසන් කරගන්න )
විනාඩි 15 පමණ තබන්න .ඉන්පසු , ලොකු ළුණු ,මාළු මිරිස්, තක්කාලි ,ඩෙවල්
හැඩයට කපා ගන්න .(මෙය ඔබ කැමති ආකාරයකට උනත් කපා ගත හැක .)
අනතුරුව පිරිසිදු භජනයක් ලිප තබා , එය රත්වූ පසු එයට තෙල් දමා තෙල් රත්වූ
පසු මාළු කැබලි තෙලට දමා හොදින් බැද ගන්න ඉන් පසු පිරිසිදු භජනයක් ලිප
තබා , එය රත්වූ පසු එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු , කපා ගන්න ලද
සුදුළුණු , ඉගුරු , එකතුකර , රන් පැහැය වූ පසු එයට කරපිංචා, සහ ලොකු ළුණු,
මාළුමිරිස් එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න , අනතුරුව , එයට කැලි මිරිස්,
සහ සොයා සෝස් ස්වලපයක් මිශ්‍ර කර ,බැදගත් මාළු කැබලිද එයට එකතු කර
ලිපේ ගින්දර මදක් අඩුකර ,එයට තක්කාලිසෝස්, සිනි . සහ අනිකුත් රස කාරක
මිශ්‍ර කර ,විනාඩියකින් පමණ වතුර ප්‍රමානවත් පරිදි එකතු කර ලිපෙන් ඉවතට
කර ගැනීමට පෙර ඩෙවල් හැඩයට කපා ගත් තක්කාලි කැබලි එකතු කර හැකි
විගස ලිපෙන් බාගන්න . අනතුරුව සදා ගත් මාළු ඩෙවල් සුදුසු භාජනයකට දමා
කැම මේසයට යවන්න .
ඔබට වැදගත් වන කරුණු කීපයක් - ඔබට අවශ්‍යනම් මෙයට කංකුන් සහ ලිස් එකතු කර ගත හැක නමුත්
ඔබ කංකුන්, සහ ලිස් එකතු කල යුත්තේ .අවසන් අවස්ථවේදී, මන්ද
ඔබ ප්‍රථමයෙන් , කංකුන්, සහ ලිස් එකතු කර ගත්තානම් ,පැහැය
රසය වෙනස් වන බැවිනි .
No comments:
Post a Comment