Monday 30 December 2013

එළවළු බත් නිවසේදීම රස බලමු .

අවශ්‍ය  දැ.


සම්බා                                  01kg
 එළවලු   තෙල්    ස්වල්පයක්  
 සිහින්ව ලියාගත්   කැරට්    100g
 සිහින්ව  ලියාගත් ලිස් කොළ  100g
සිහින්ව ලියාගත් සුදුළුනු බික්     02
සිහින්ව  ලියාගත්  ඉගුරු  කැබැල්ලක්
 සුප් කැට                                    01
  රස පරිදි       ලුණු
 සොයාසෝස්    මේස   හැදී          02
  තල තෙල්  තේ හැදී                     2/1
   එන්සාහල්  කරල්   03
* ඔබට රසය වැඩි කර ගැනීමට  මෙයට  ගම්මිරිස්  කුඩු සහ කැලි මිරිස්  ස්වල්පයක්   එකතු කර ගත හැක ඔබට අවශ්‍යනම්  මෙයට බෝංචි , ගෝවා, එකතු කර ගත හැක  නමුත්  මතක තියාගන්න  ඔබ  බෝංචි ,ගෝවා එකතු කර ගැනීමේදී  රසය, බතේ පැහැය  වෙනස් වීමට පුළුවන් එක නිසා බෝංචි , ගෝවා එකතු කරනවිට   ලිපෙන් ඉවත් කර ගැනීමට විනාඩියකට පෙර  හොදින් මිශ්‍ර කර ලිපෙන් බාගන්න .එසේ පිළියෙළ කර ගන්නා ලද බතක් කැමට ප්‍රිය වෙයි .

සාදන ආකාරය _

පළමුව සහල් හොදින් 3 වරක් සෝදා පසෙක තබන්න   ඉන් අනතුරුව  භාජනයක්  ලිප තබා  එයට අවශ්‍ය  
 පමණ වතුර   එකතු කර මද වෙලාවකින්  එළවළු තෙල් ස්වල්පයක් එයට එකතු කර  වතුර උතුරන විට සෝදා පිළියෙළ  කරගත් සහල්  එකතු කර එන්සහාල් කරල් , සහ ලුණු  දමා  නිවසේ  ඔබ පිසගන්නා ආකාරයට බත  පිස ගන්න  පිස ගත්  බත් වෙනත් භාජනයකට වෙන් කර ගන්න .        
අනතුරුව  නැවත භාජනයක් ලිප තබා  රත් වූ පසු එයට එළවලු තෙල් එකතු කර  තෙල් රත්වූ පසු සකසා ගත් සුදුළුණු, ඉගුරු ,එකතු කර   ලිපේ ගින්දර මදක් අඩු කර  ඉන් පසු එයට  කැරට් එකතු කර සුළු වෙලාවක් පිස නැවතත්  එයට සොයා සෝස්  සහ සුප්කැට, ලුණු  එකතු කරගන්න .දැන් ඔබ ලිපේ ගින්දර නිවා විනාඩියකට පසු  සිහින්ව ලියාගත් ලිස් කොළ වලින් භාගයක්  එයට එකතු කර කලවන් කර ගන්න   ,ඉන් පසු ඔබ පිස ගත්, බත් තෙම්පරාදු  කරගත් එළවළු සමග හොදින් මිශ්‍ර කරගන්නා  අතරේ ඉතිරි ලිස්කොල ටික කෙමෙන් කෙමෙන්  එයට එකතු කර ගනිමින් හොදින් මිශ්‍ර කර ගන්න .අනතුරුව ඔබට අවශ්‍යනම් පමණක්  චිලීපේස්ට් සමගින්  ආහාරයට  ගන්න . 


මන්නුක ශ්‍රී .

Wednesday 25 December 2013

අපි ඔබට ලබන සතියේ එළවලු බතක් සාදන ආකරය කියා දීමට බලාපොරොත්තු වෙනවා!!!

රෙසිපි සිංහළෙන්
                                                      මන්නුක ශ්‍රී

Sunday 15 December 2013

පොළොස් කට්ලට් සාදන ආකාරය .....මන්නුක ශ්‍රී

අවශ්‍ය  දැ:

පොළොස්                   500g
අරතාපල්                     200g
රතු ළුණු   ගෙඩි              10  (සිහින්ව  කපා ගන්න ලද )
කැලි මිරිස්‌          මේස හැදී   02
මිරිස් කුඩු           මේස හැදී    1/2
ගම්මිරිස් කුඩු      තේ    හැදී    1
අමුමිරිස්‌     කරල්                     04
උම්බලකඩ   කුඩු මේස හැදී       02
එනසල්     කරල්                        02
සුදුළුණු  බික්                              02(සිහින්ව කපා ගන්න ලද )
කරපිංචා   ස්වලපයක්  සහ ලුණු
 කහ කුඩු  
 පාන්පිටි                                    250g
 බිස්කට්  කුඩු                             200g
බැදගැනීමට  අවශ්‍ය  තෙල්  


සාදන ආකාරය
  
  ප්‍රථමයෙන්  කටු ඉවත් කර පොළොස්  කැබලි වලට කපා මැටි වළදක්  ගෙන එයට ගොරකා  ඉති 02/03 දමා
  ප්‍රමාණවත්  පරිදි වතුරද  ලුණුද දමා  හොදින් තම්බගන්න  ,අනතුරුව   අර්තාපල් ද  හොදින් තම්බගන්න
    අනතුරුව තම්බා ගත් පොළොස්  සහ අර්තාපල් වෙන වෙනම  පොඩි කර ගන්න , ඉන්පසු  භාජනයක්  ලිප තබා  එයට තෙල්  ස්වලපයක්  දමා රත්වූ  පසු  එයට සකසා ගත්  සුදුලුනු, රතුළුණු ,කරපිංචා, දමා තෙම්පරාඩු
  කර ගන්න  අනතුරුව  එයට  උම්බලකඩ කුඩු ද එකතු කර විනාඩියකට පසු  සකසා ගත් පොළොස්  සහ
 අර්තාපල් එකතු කර  හොදින්  කලවන් කර ටික වෙලාවකට පසු එයට මිරිස් කුඩු,කැලි, සහ ගම්මිරිස් කුඩු දමා රස පරිදි ලුණුද එකතු කර  ලිපෙන් බාගන්න , අනතුරුව ප්ලාස්ටික්  භාජනයක් ගෙන එය වතුර එකතු කර පාන්පිටි  එය එකතු කර  කහ කුඩු ස්වලපයක් දමා හොදින් මිශ්‍ර කර බැටරයක් සදා ගන්න  ඉනන්තුරුව  ඔබ සකසා ගත් පොළොස් මිශ්‍රනය  අතින් පොඩි රවුම් ගුලි සේ සකසා ගන්න දැන් ඔබ එය  බැටර්එකේ  දමා  බිස්කට්කුඩු  තවරා ගන්න , අනතුරුව  භාජනයක් ලිප තබා රත්වූ පසු තෙල් දමා  තෙල් රත්වූ පසු සදා ගත් පොළොස් කට්ලට්   එයට දමා හොදින් රන්පැහැය වනතුරු  බැදගන්න ..


සිංහළෙන්  රෙසිපි  මන්නුක ශ්‍රී


Thursday 12 December 2013

අපි ඔබට ලබන සතියේ පොලොස් කට්ලට් සාදන ක්‍රමය කියා දීමට බලාපොරොත්තු වෙනවා .




ඔබත් එකතු වෙන්න අපිත් එක්ක  ,,,,  රෙසිපී  සිංහළෙන්    මන්නුක ශ්‍රී
 

මාළු ඩෙවල් ගෙදරදීම රස බලමු .

              
     අවශ්‍ය දැ  :
                
                                තලපත් මාළු                    500g
                                ලොකු ළුණු                        50g
                                  තක්කලි  ගෙඩි                    02
                                  මාළු මිරිස් කරල්                   06
                                     අමුමිරිස්  කරල්                   04
                                   කැලී  මිරිස්‌    තේ හැදී             04 පමණ   
                                   ගම්මිරිස් කුඩු    තේ  හැදී          1/2
                                    දෙහි ගෙඩි                                   01
                                      සුදුළුණු   (සිහින්ව කපා ගන්න ලද )   තේ හැදී 01
                                       ඉගුරු      (සිහින්ව  කපා ගන්න ලද )   තේ හැදී  1/2
                                       කරපිංචා   ස්වල්පයක් 
                                        පදමට  ලුණු
                                        සොයා සෝස්                                       තේ හැදී   04
                                         තක්කාලි  සෝස්                              මේස  හැදී     03
                                          සුප් කැට                                                       01
                                            සිනි                                                         තේ හැදී 1/2
                                             එළවළු තෙල්                                                1/2    
                                          වතුර ස්වල්පයක්
                                      
                                                   
                             
            
    සාදන ක්‍රමය_  
                       
                                      පළමුව  සෝදා පිරිසිදු  කරගත්  මාළු  කැබලි වලට කපා ගන්න  ඉන් අතුරුව
                                      එයට  දෙහියුෂ, ලුණු , සහ ගම්මිරිස් කුඩු  එකතු කර  අත ගා (සීසන් කරගන්න )
                                       විනාඩි 15  පමණ  තබන්න .ඉන්පසු , ලොකු ළුණු ,මාළු මිරිස්, තක්කාලි ,ඩෙවල්
                                       හැඩයට  කපා  ගන්න .(මෙය  ඔබ කැමති ආකාරයකට උනත් කපා  ගත හැක .)
                                        අනතුරුව පිරිසිදු භජනයක් ලිප තබා , එය රත්වූ පසු  එයට තෙල්  දමා  තෙල් රත්වූ
                                        පසු   මාළු  කැබලි  තෙලට දමා හොදින් බැද ගන්න  ඉන් පසු පිරිසිදු  භජනයක් ලිප
                                         තබා , එය රත්වූ  පසු  එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු , කපා ගන්න ලද
                                        සුදුළුණු , ඉගුරු , එකතුකර , රන් පැහැය වූ පසු  එයට කරපිංචා, සහ ලොකු ළුණු,
                                           මාළුමිරිස් එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න , අනතුරුව , එයට කැලි මිරිස්,
                                             සහ සොයා සෝස් ස්වලපයක්  මිශ්‍ර කර ,බැදගත් මාළු  කැබලිද එයට එකතු කර
                                          ලිපේ ගින්දර මදක් අඩුකර ,එයට තක්කාලිසෝස්, සිනි . සහ අනිකුත් රස කාරක
                                          මිශ්‍ර කර ,විනාඩියකින්  පමණ වතුර ප්‍රමානවත් පරිදි එකතු කර ලිපෙන් ඉවතට
                                           කර ගැනීමට පෙර ඩෙවල් හැඩයට කපා ගත් තක්කාලි කැබලි එකතු කර  හැකි
                                          විගස  ලිපෙන් බාගන්න . අනතුරුව සදා ගත් මාළු ඩෙවල් සුදුසු භාජනයකට දමා
                                         කැම මේසයට  යවන්න .
                                         


     ඔබට වැදගත් වන කරුණු කීපයක් - ඔබට අවශ්‍යනම්  මෙයට කංකුන්  සහ ලිස් එකතු කර ගත හැක නමුත්
                                                             ඔබ කංකුන්, සහ ලිස් එකතු කල යුත්තේ .අවසන් අවස්ථවේදී, මන්ද
                                                             ඔබ ප්‍රථමයෙන්  , කංකුන්, සහ ලිස් එකතු කර ගත්තානම් ,පැහැය
                                                            රසය වෙනස් වන බැවිනි .


                                                                                                                      මන්නුක ශ්‍රී   රෙසිපි සිංහළෙන්

Monday 9 December 2013

ලබන සතියේ අපි ඔබට වෙත ගෙන එනවා ගෙදරදීම මාළු ඩෙවල් සාදන ක්‍රමය.!!!

                                                                                                                 රෙසිපී  සිංහළෙන්
                                                                                                                           මන්නුක ශ්‍රී

කුකුළු මස් කළු කුඩු මාළුව

 අවශ්‍ය දැ
 
  කුකුළු මස්                                500g
  බදින ලද  මිරිස් කුඩු  තේ හැදී     01
  කබලේ බදින ලද  පොල්              20g
  තුනපහ   කුඩු              තේ හැදී     01
       
 
 
 

Thursday 5 December 2013

ඔබගේ අදහස්‌ අපිට කියන්න එකතු වෙන්න රෙසිපී සිංහළෙන්... සමග .....


  රෙසිපි සිංහළෙන්
                                                                              මන්නුක

කුකුළු මස් කළු කුඩු මාළුව.... මන්නුක ශ්‍රී

අවශ්‍ය  දැ.
   
  
කුකුළු මස්                                    500g
බැදපු මිරිස්‌  තේ හැදී                        01 
බැදපු තුනපහ  තේ හැදී                     01 
 ගම්මිරිස්         තේ හැදී                     1/2
කබලේ බැදගත් කජු                           20g
 කබලේ  බැදගත් පොල්                      20g
   රම්පෙ  , කරපිංචා , සුදුලුණු , ඉගුරු  , පදමට ලුණු
  සිහින්ව ලියාගත්  රතුළුණු    ගොඩි  06 ක් 07 පමණ
   සියබල යුෂ               තේ හැදී            01


        සාදන පිළිවෙල .

   මුලින්ම තරමක  කැබිලි  වලට මස් කපා සෝදා ගන්න , ඉන් අනතුරුව පොල්, කජු,මිරිස්‌, තුනපහ  ගලේ
   අබරා ගන්න  අනතුරුව ,අබරා ගන්නා ලද  මිශ්‍රණයද  කපා  ගන්නා ලද  මස් කැබලිද එයට  දමා සියබලා සහ  ලුණු  සමග හොදින් පිස ගන්න .ඉන් අනතුරුව , මැටි වළදක් ලිප තබා  රත් වූ පසු එළවලු තෙල් මේස හැදී  02 පමණ දමා රත් වූ පසු ,රම්පෙ , කරපිංචා, සුදුලුනු ,ඉගුරු,රතුළුණු ,තෙම්පරාදු  කර ගන්න අනතුරුව පදන් කර ගන්න ලද මස් සහ අනිකුත් දැ දමා විනාඩි 08 පමණ තෙම්පරාදු කර ගන්න , ඔබට අවශ්‍යනම්  පොල් කිරි එකතුකර  මද ගින්නේ  ඉස්ම හිදෙන තුරු පිස ගන්න .